එසේ නම් Forex හිදී භාවිතා වන මුදල් වර්ග මොනවාදැයි දැන් අපි බලමු.
ලෝකයේ විවිධ රටවල් භාවිතා කරන මුදල් වර්ග 40කට අධික ප්‍රමාණයක් Forexහි ගණුදෙණු කිරීම සදහා යොදා ගනී. මෙම මුදල් වර්ග ප්‍රදාන කොටස් 2කින් යුක්ත වේ.
1. Major Currency
2. Minor Currency
Major Currency -
Forex වෙළෙද පොලට ලොකු බලපෑමක් කල හැකි ලෝකයේ ප්‍රබලතම රාජ්‍යයන් භාවිතා කරන මුදල් වර්ග Major Currency ලෙස හදුන්වයි.
එවැනි ප්‍රබලම මුදල් වර්ග 8ක් පවතී. ඒවා නම්
1. United State Dollar
2. Euro
3. Great Britain Pound
4. Japanese Yen
5. Switzerland Franc
6. Canadian Dollar
7. Australian Dollar
8. New Zealand Dollar
Minor Currency -
ප්‍රධාන මුදල් වර්ග 8ට අමතරව Forex හි ගණුදෙණු කිරීමට භාවිතා කරන අනෙකුත් මුදල් වර්ග Minor Currency ලෙස හදුන්වයි.
මෙම මුදල් වර්ග දෙක අතුරින් අප ගණුදෙණු කල යුත්තේ Major Currency වලින් පමණක් වේ. ඊට හේතුව වන්නේ එම මුදල් වර්ග වල මිල වෙනස් වීම් වලට අදාල වැඩි තොරතුරු ප්‍රමාණයක් ලෙහෙසියෙන්ම අපට සොයා ගත හැකි බැවිනි. මුදල් වර්ග වල මිල වෙනස් වීම් වලට අදාල නිසි තොරතුරු නොදැන ගණුදෙණු කිරීමට යාමෙන් විශාල වශයෙන් අපට පාඩු සිදුවිය හැකිය.
පහත වගුවෙන් පෙන්නුම් කරන්නේ එක් එක් මුදල් වර්ග Forex හි හදුන්වනු ලබන නමත් , ඒවාට භාවිතා කරන සුවිශේෂී සුරතල් නාමයත්ය. කිසියම් මුදල් වර්ගයක නම දුටු විගස එය කුමන මුදල් වර්ගයද කියා හදුනා ගැනීමේ හැකියාව අපිට තිබිය යුතුයි. එම නිසා එක් එක් මුදල් වර්ගයට අයත් නම් හොදින් මතක තබා ගන්න. එසේම සමහර Forex News ලබා දෙන ආයතන ( Forex News පිළිබදව පසුව පැහැදිලි කරනු ලැබේ.) එක් එක් මුදල් වර්ග හදුන්වා දෙන්නේ ඒවායේ සුරතල් නාමයන්ගෙනි. එම නිසා එම නම්ද මතක තබා ගැනීම අපට ප්‍රයෝජනවත් වේ.

මෙසේ 40කට අධික විදේශීය මුදල් වර්ග Forexහි භාවිත කලද ගණුදෙණු කිරීමේදී අපට ඒවා තනි තනි වශයෙන් භාවිතා කල නොහැක. මක්නිසාද විදේශීය මුදල් හුවමාරුවේදී අපට ලාභ ගත හැකි වන්නේ එක් මුදල් වර්ගයකට සාපේක්ෂව අනෙක් මුදල් වර්ගයෙහි මිල ඉහල ගිය විටය. එම නිසා Forex හිදී සෑම විටම අප භාවිතා කරන්නේ විදේශීය මුදල් වර්ග යුගල වශයෙනි.
Currency Pair - මෙවැනි විදේශීය මුදල් වර්ග යුගලක් Forex හිදී Currency Pair එකක් ලෙස හදුන්වනු ලබයි. මෙවැනි Currency Pair වර්ග 2ක් Forex හිදී අපට හමුවේ.
1. Major Currency Pair
2. Minor Currency Pair
Major Currency Pair -
ඕනෑම Currency Pair එකක ඉදිරියෙන් හෝ පිටුපසින් USD ඇතුලත් වේනම් එවැනි Currency Pair එකක් Major Currency Pair ලෙස හදුන්වයි. පහතින් දැක්වෙන්නේ මේ සදහා උදාහරණයන් කිහිපයකි.
Forex Market එක තුල වැඩිපුරම භාවිතා වන මුදල් වර්ගය වන්නේ USD වේ. එම නිසයි USD ඇතුලත් Currency Pair Major Currency Pair ලෙස හදුන්වන්නේ.
එක් එක් මුදල් වර්ග සදහා Forex Market එක තුල ඇති ඉල්ලුම ඉහත වගුවෙන් පෙන්නුම් කෙරේ. මෙය අධ්‍යයනය කිරීමෙන් විදේශීය මුදල් හුවමාරුවේදී USD සදහා ඇති ඉල්ලුම කොපමණදැයි හොදින් ඔබට වැටහෙනවා ඇති.
Minor Currency Pair -
ඉහත දැක්වූ Currency Pair වලට අමතරව Forexහි භාවිතා කරන අනෙකුත් මුදල් කාණ්ඩ Minor Currency Pair ලෙස හදුන්වයි. මේ සදහා උදාහරණයන් කිහිපයක් පහතින් දැක්වේ.
ඕනෑම Currency Pair එකක ඉදිරියෙන් ඇති මුදල් වර්ගය Base Currency ලෙසද පිටුපසින් ඇති මුදල් වර්ගය Quote Currency ලෙසද හදුන්වයි.
ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් පහත Contact Us ඔස්සේ ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න.