ලාභ ලබන ආකාරය

අපට Forex වෙළෙද පොළේදී කිසියම් මුදල් වර්ගයක් (Currency Pair එකක්) දැන් පවතින මිලට මිලට මිලදී ගෙන එහි මිල ඉහල ගිය පසු එම ගත් ප්‍රමාණය ඉහල ගිය මිලට විකිණීමෙන් ලාභ ලබා ගත හැකිය.

මා Forex ගැන හදුන්වාදීමේදී ලාභ ලබන ආකාරය USD / LKR ආශ්‍රයෙන් යම් දැනීමක් ලබා දුන්නද ශ්‍රී ලංකා රුපියල් (LKR) Forexහි භාවිත නොකරන බැවින් Forexහි භාවිත කරන Currency Pair එකක් ආශ්‍රයෙන් ලාභ ලබන ආකාරය ඉගෙන ගනිමු.

     මේ සදහා GBP / USD භාවිතා කරමු.

GBP / USD වෙළෙද පොළ මිල  1.6020 නම්
මෙහි සරල අදහස වන්නේ GBP 1ක් ගැනීමට USD 1.6020 ක් අවශ්‍ය බවයි.

   ටික වේලාවකට පසුව GBP / USD වෙළෙද පොළ මිල 1.6030 දක්වා ඉහල ගියා නම්


       1.6030 - 1.6020 = 10

අපගේ ලාභය වන්නේ මෙම 10යි. මෙම 10 Forex හිදි Pip 10ක් ලෙස හදුන්වයි.

 Pip යනු


කිසියම් Currency Pair එකක හතරවෙනි දශමස්ථානයේ වෙනසක් Pip එකක් ලෙස හදුන්වයි.

එනම් ඉහත උදාහරණයට අනුව GBP / USD වෙළෙද පොළ Pip 10කින් වැඩි වී ඇත.

තවත් උදාහරණයක් මගින් මෙය අවබෝධ කර ගමු.
GBP / USD   =   1.5832
ටික වේලාවකින් මෙහි මිල
GBP / USD   =   1.5828 වූයේ නම්
1.5832  -  1.5828   =   - 0.0004
Pip 1ක් යනු 4වන දශමස්ථානයේ වෙනස නිසා GBP / USD වෙළෙද පොළ මිල Pip 4කින් අඩු වී ඇත.

නමුත් JPY ඉදිරියෙන් හෝ පිටුපසින් (Base Currency හෝ Quote Currency ලෙස) ඇතුලත් Currency Pair එකක Pip 1ක් ලෙස හදුන්වන්නේ දෙවැනි දශමස්ථානයේ වෙනසකටයි.

GBP / JPY    =   133.20
ටික වේලාවකින් මෙහි මිල
GBP / JPY    =   133.26  වූයේ නම්
133.26  -  133.20   =   0.06
එනම් GBP / JPY මිල Pip 6කින් වැඩි වී ඇත.

 සමහර තැරැව්කාර ආයතන (Broker Company) Currency Pair වල මිල දශමස්ථාන 5කිනුත් JPY ඇති Currency Pair වල මිල දශමස්ථාන 3කිනුත් පෙන්වයි. මේ 5 වෙනි දශමස්ථානයේ වෙනස (JPY ඇති Pair වල 3 වෙනි දශමස්ථානයේ වෙනස) Pipette ලෙස හදුන්වයි.


 Pipette එකක් යනු Pip එකකින් 10 / 1කි.


GBP / USD මිල 1.63202 සිට
1.63207 දක්වා ඉහල ගියේ නම්
1.63207  -  1.63202   =   0.00005
එනම් GBP / USD මිල Pipette 5කින් (Pip 0.5කින්) වැඩි වී ඇත.

GBP / JPY මිල 131.320 සිට
131.323 දක්වා ඉහල ගියේ නම්
131.323  -  131.320   =   0.003
GBP / JPY මිල Pipette 3කින් (Pip 0.3කින්) වැඩි වී ඇත.



ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් පහත Contact Us ඔස්සේ ඔබේ  ගැටලුව ඉදිරිපත් කරන්න.

Contact Us

Name

Email *

Message *