Buy Order සහ Sell Order

ඔබ දැන් දන්නවා Forex Market එකේදී කිසියම් Currency Pair එකක් මිලදී ගෙන මිල ඉහල ගිය පසු විකිණීමෙන් ලාභ ලබා ගත හැකි බව. නමුත් මීට පෙර මා ඔබට සදහන් කලා විදේශීය මූල්‍ය වෙලෙද පොළේදී කිසියම් Currency Pair එකක මිල ඉහල යන විට මෙන්ම මිල පහල යන විටද ලාභ ලබා ගත හැකි බව. දැන් අප බලමු ඒ කෙසේද කියා.

Forex Market එකෙහි ගණුදෙණුවක් ආරම්භ කිරීම Order එකක් දැමීමක් ලෙස හදුන්වනු ලබයි. මෙවැනි Order වර්ග 2ක්  විදේශීය මූල්‍ය වෙළෙද පොළේදී අපට හමු වේ. ඒවා නම්
          
          1. Buy Order
          2. Sell Order

 Buy Order යනු - කිසියම් Currency Pair එකක මිල ඉහල යයි කියා අප අනුමාන කරන්නේ නම් එවැනි අවස්ථාවක ලාභ ගැනීම සදහා යොදනු ලබන ගණුදෙණු Buy Order ලෙස හදුන්වනු ලබයි. මෙය Long ලෙසද හදුන්වයි.

Sell Order යනු - කිසියම් Currency Pair එකක මිල පහල යයි නම් එවැනි අවස්ථාවක ලාභ ගැනීම සදහා යොදනු ලබන ගණුදෙණු Sell Order ලෙස හදුන්වනු ලබයි. Short ලෙසද Sell Order හදුන්වයි.

කොටස් වෙළෙද පොළේදී කොටස් වල මිල මෙන් නොව මූල්‍ය වෙලෙද පොළේදී මුදල් වර්ග වල මිල ක්ෂනිකව ඉහල පහල යෑම සිදු වේ. ඊට හේතුව වන්නේ එම මුදල් වර්ග වලට ඇති ඉහල ඉල්ලුමයි. එම නිසා මිල ඉහල හෝ පහල යෑම නිවැරදිව අවබෝධ කර ගෙන නිවැරදි අවස්ථාවේදී Buy හෝ Sell Order දැමීමට අප පුහුණු විය යුතුයි. නැතහොත් අපට පාඩු විදීමට සිදු වේ.

                                       Bid                Ask
                 GBP/USD        1.6220           1.6223

- මෙම අවස්ථාවේදී මිල ඉහල යයි කියා අප අනුමාන කර Buy Order එකක් යොදන්නේ නම් අපට GBP/USD මිලදී ගැනීමට සිදු වන්නේ Ask අගය වන 1.6223 ට වේ. මක්නිසාද Ask අගය යනු Broker ගේ විකුණුම් මිලයි. එනම් Broker අපට විකුණන මිලයි.
 ගණුදෙණුව ආරම්භ කල මොහොතේදීම ගණුදෙණුව Close කරන්නේ නම් (Forexහි ගණුදෙණුවක් ආරම්භ කිරීම Trade එකක් Open කිරීම ලෙසද ගණුදෙණුවක් අහවර කිරීම Trade එකක් Close කිරීම ලෙසද හදුන්වයි.) අපට ගණුදෙණුව Close කිරීමට සිදු වන්නේ Bid අගය වන 1.6220 ට වේ. මක්නිසාද Bid අගය යනු Broker ගේ ගැනුම් මිලයි. එනම් Broker අපෙන් ගනු ලබන මිලයි.

- නමුත් මිල පහල යයි කියා සිතා Sell Order එකක් යොදන්නේ නම් සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි. එනම් Trade එක Open කරන්නේ Bid අගය වන 1.6220 ට සහ Trade එක Close කරන්නේ Ask අගය වන 1.6223 ට වේ.

'' ඉහත උදාහරණයට අනුව අපට Buy Order මගින් ලාභ ලබා ගැනීමට නම්
      GBP/USD හි Bid අගය 1.6223 ට වඩා වැඩි විය යුතු අතර
      Sell Order මගින් ලාභ ලබා ගැනීමට නම් Ask අගය 1.6220 ට වඩා අඩු විය යුතුය.''

මිල ඉහල ගිය පසු ලාභය

 ඉහත උදාහරණයට අනුව Buy Order එක අප Open කරන්නේ 1.6223 ට නිසා , ටික වේලාවකින් වෙළෙද පොල පහත ආකාරයට වෙනස් වූයේ නම්
  
                                       Bid                Ask
                 GBP/USD        1.6228           1.6231

ලාභය        =      විකුණුම් මිල  -  ගත් මිල
                 =       Bid   -   Ask
                 =      1.6228 - 1.6223
                 =      0.0005
                 =      Pip 5

 Bid අගය Sell Price එක ලෙසද Ask අගය Buy Price එක ලෙසද හදුන්වන බැවින් මෙය පහත ආකාරයටද ගණනය කල හැක.

 ලාභය        =    Sell Price   -   Buy Price
                  =     1.6228 - 1.6223
                  =     0.0005
                      =     Pip 5

 මිල පහල ගිය පසු ලාභය
  
ඉහත උදාහරණයට අනුව Sell Trade එක අප Open කරන මිල වන්නේ 1.6220 වේ. ටික වේලාවකින් වෙළෙද පොල පහත ආකාරයට වෙනස් වූයේ නම්

                                       Bid                Ask
                 GBP/USD        1.6212           1.6215

 ලාභය        =      විකුණුම් මිල  -  ගත් මිල
                  =      Ask   -   Bid
                  =      1.6215  -  1.6220
                  =      - 0.0005
                  =      Pip 5

එනම් මෙහිදී මිල Pip 5කින් අඩු වී ඇති නිසා Sell Trade එකක් යෙදුවේ නම් Pip 5ක ලාභයක් අපට ලබා ගත හැක.

මෙය හොදින් මතක තබා ගන්න.

- Buy Order එකක් Ask අගයෙන් Open කර Bid අගයෙන් Close කරන අතර
- Sell Order එකක් Bid අගයෙන් Open කර Ask අගයෙන් Close කරනු ලබයි.

Currency Pair වල මිල ඉහල යන ආකාරය

       GBP/USD     =   1.6420 නම්
මෙහි සරල අදහස වන්නේ GBP1ක් ගැනීමට USD 1.6420ක් අවශ්‍ය බවයි. 
      ටික වේලාවකින්
      GBP/USD     =   1.6660 වූයේ නම්

දැන් GBP 1ක් ගැනීමට USD 1.6660ක් අවශ්‍ය වේ. එනම් GBP එකක් ගැනීමට වැඩිපුර USD ප්‍රමාණයක් ගෙවිය යුතු වේ. එනම් GBPහි වටිනාකම වැඩි වී USDහි වටිනාකම අඩු වී ඇත.


ඉහත රූප සටහනෙන් ඔබට පෙනෙනවා ඇති GBP/USD 1.6420 සිට 1.6660 දක්වා ඉහල යාමේදී GBP මිල ඉහල යන අතර USD මිල පහල යයි. නමුත් Forex හිදී මුලින් ඇති මුදල් වර්ගයේ ඉහල පහල යෑම පමණක් පෙන්වන නිසා (මෙහි GBP මිල ඉහල ගිය නිසා) GBP/USD මිල ඉහල ගියා යැයි කියනු ලබයි. මෙවැනි අවස්ථා වල Buy Order මගින් ලාභ ලබා ගත හැක.

Currency Pair වල මිල පහල යන ආකාරය



GBP/USDහි මිල 1.6420 සිට 1.6310 දක්වා පහල යාමේදී GBPහි වටිනාකම අඩු වී USD වටිනාකම වැඩි වන බව ඉහත රූප සටහනෙන් ඔබට පැහැදිලි වනවා ඇත. 
නමුත් Forexහි Currency Pair එකක මිල වෙනස් වීමකදී මුලින් ඇති මුදල් වර්ගයේ වෙනස් වීම පමණක් පෙන්වන බැවින් (මෙහි GBP මිල අඩු වූ නිසා) GBP/USD මිල පහල ගියා යැයි කියනු ලබයි. නමුත් සත්‍ය වශයෙන් සිදු වන්නේ GBP මිල අඩු වී USD වැඩි වීමයි.

මෙවැනි අවස්ථාවක Sell Trade යෙදීමෙන් සිදු වන්නේ USD (Quote Currency) මිලදී ගැනීමයි. GBP/USD මිල තව තවත් අඩු වීමේදී USD මිල ඉහල යන නිසා Sell Trade යෙදීමෙන් අපට ලාභ ලබා ගත හැක. 

Broker ආයතනය මගින් අපට ලබා දෙන මෘදුකාංගය මගින් Buy Order යෙදීමේදී Base Currency ද , Sell Order යෙදීමේදී Quote Currency ද මිලදී ගැනීම ස්වයංක්‍රීයව සිදු වේ.


ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් පහත Contact Us ඔස්සේ ඔබේ  ගැටලුව ඉදිරිපත් කරන්න.

Contact Us

Name

Email *

Message *