Bid , Ask සහ Spread එක හදුනා ගැනීම


ඉහතින් දැක්වෙන්නේ Forexහි භාවිතා වන එක් එක් මුදල් වර්ග ( Currency Pair ) වල මිල ගණන් දැක්වෙන ආකාරයයි. එහි ඕනෑම මුදල් වර්ගයකට අදාලව අගයන් 2ක් ඇති බව ඔබට පෙනෙනවා ඇති. Bid හා Ask ලෙස මේවා හදුන්වනු ලබයි. Bid අගය Sell Price එක ලෙසද Ask අගය Buy Price එක ලෙසද හැදින්විය හැකිය.

බැංකු වැනි මූල්‍ය ආයතන වල විදේශීය විනිමය අනුපාතය දැක්වීමේදී ගැනුම් මිල සහ විකුණුම් මිල ලෙස අගයන් 2ක් ඇති බව ඔබ දන්නවා. Forex Market එකෙහිද ඕනෑම Currency Pair එකක් සදහා ගැනුම් මිලක් සහ විකුණුම් මිලක් පවතී. Bid සහ Ask ලෙස හදුන්වන්නේ ඒවායි.

මෙහි Bid යනු ගැනුම් මිලයි
        Ask යනු විකුණුම් මිලයි.

'' මෙහි ගැනුම් මිල ලෙස හදුන්වන්නේ අප මිලදී ගනු ලබන මිල නොව Broker අපෙන් ගනු ලබන මිල වේ. එසේම විකුණුම් මිල වන්නේ Broker අපට විකුණන මිල වේ.''

Broker යනු - ඔබ දන්නවා කොටස් වෙළෙද පොළේ ගණුදෙණු කිරීමේදී අපට සෘජුවම ගණුදෙණු කල නොහැක. කිසියම් තැරැව්කාර සමාගමක් හරහායි අපේ ගණුදෙණු සිදු කල යුත්තේ. Forex Market එකෙහිද ගණුදෙණු සිදු වන්නේ මේ ආකාරයටයි. එනම් අපට තනිවම මිලදී ගැනීම් විකිණීම් කල නොහැක. තැරැව්කාර සමාගමක් හරහා මෙය සිදු කල යුතුයි.
( කිසියම් තැරැව්කාර සමාගමක අප ලියාපදිංචි වූ විට එම ආයතනයෙන් අපට මෘදුකාංගයක් ලබා දේ. එම මෘදුකාංගය හරහා පහසුවෙන්ම Forex Market එක තුල ගණුදෙණු කල හැක. මේ පිළිබදව ඉදිරි ලිපි වලදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත.)

සෑම විටම Bid සහ Ask අගයන් අතර වෙනසක් පවතී. මෙම වෙනස Spread එක ලෙස හදුන්වනු ලබයි.

Currency Pair                  Bid                      Ask
 GBP/USD                           1.6220                1.6223

      මෙහි Spread එක වන්නේ
 Spread           =        විකුණුම් මිල -  ගැනුම් මිල
                       =        Ask        -           Bid
                       =       1.6223    -        1.6220
                       =       0.0003
එනම් මෙහි Spread එක Pip 3ක් වේ.

කොටස් වෙළෙද පොළේදී මෙන් Forex Market එකේදී Broker ආයතන Commision එකක් අයකරනු නොලබයි. ඔවුන්ගේ ලාභය වන්නේ මෙම Spread එකයි.

- විවිධ Broker සමාගම් වල Spread එක එක් එක් අගයන් බැවින් අප සෑම විටම Spread එක අඩු Broker කෙනෙක් තෝරා ගතයුතු අතර 

- එක් එක් Currency Pair වල Spread එකද විවිධ අගයන් නිසා Spread එක අඩු Currency Pair වලින් පමණක් අප ගණුදෙණු කල යුතුයි.



ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් පහත Contact Us ඔස්සේ ඔබේ  ගැටලුව ඉදිරිපත් කරන්න.

Contact Us

Name

Email *

Message *